

ගංවතුර මැද අතරමං වූ මනාලිය විවාහ මංගල්‍යයට ගුවන් ගත වෙයි
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි තරුණියක් මනාලියක් වීමට දින ආසන්නව තිබියදී ගංවතුරෙන් අතරමංව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ජලගැල්මෙන් ඇගේ දෙමව්පියන්ගේ දේපළ ගංවතුරෙන් යටවී ඇති බැවින් ඇයට සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් උපකාර ඉල්ලා හඬා වැලපෙන්නට සිදුව තිබෙනවා
කේට් ෆොතරින්හැම් නම් ඇය පවසා තිබෙන්නේ විවාහයට පෙර රාත්‍රිය ගත කළේ රාත්‍රියේදී මිලිමීටර් 250 ක පමණ වර්ෂාවක් ඇද හැලෙන විට බවයි
ඇය බීබීසී වර්ල්ඩ් නිවුස් හි ලුසි හොකින්ස් සමඟ අදහස් දක්වමින් පවසා තිබෙන්නේ ඇයගේ ඉල්ලීමට අනුව විවාහය සඳහා ගංවතුරෙන් බේරී යාමට හෙලිකොප්ටර් සමාගමක් උපකාර කළ බවයි