කොවිඩ් ගැන බිය නොවූ ට්‍රම්ප් එන්නත ලබාගන්නැයි ඉල්ලයි

කොවිඩ් ගැන බිය නොවූ ට්‍රම්ප් එන්නත ලබාගන්නැයි ඉල්ලයි

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම රිපබ්ලිකන් ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ කොවිඩ් -19 එන්නත ලබාගන්නා ලෙසයි.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා තිබෙන්නේ එන්නත “ආරක්ෂිත” සහ “ක්‍රියා කරන දෙයක්” බවයි.

වසංගතයේ බරපතලකම පහත් කොට සැලකීම නිසා හිටපු ජනාධිපතිවරයා ධුරයේ සිටි කාලය තුළ විවේචනයට ලක් වුණා

එන්නත් කිරීමේ වැඩසටහන එක්සත් ජනපදය පුරා ක්‍රියාත්මක කර ඇති හෙයින්, අනෙකුත් සියලුම හිටපු ජනාධිපතිවරු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ එන්නත ලබා ගන්නා ලෙසයි.

“මම එය නිර්දේශ කරමි,” ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් ප්‍රයිම් ටයිම් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

“මම එය ලබා ගැනීමට අකමැති බොහෝ දෙනෙකුට එය නිර්දේශ කරමි. ඒ අයගෙන් බොහෝ දෙනෙක් මට ඡන්දය දුන්හ.

“එය විශිෂ්ට එන්නතක්, එය ආරක්ෂිත එන්නතක් වන අතර එය ක්‍රියාත්මක වන දෙයක්.” බවද ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරනවා

Share This