

ලොව පුරා නිවුන්නු වාර්තාගත ලෙස වැඩිවෙයි
ලොව පුරා නිවුන් දරුවන් බිහි වීමේ ප්‍රවණතාව වෙන කවදාටත් වඩා වැඩි වී ඇති බව පර්යේෂකයෝ පවසනවා.
එමගින් අනාවරණය කර ඇත්තේ මේ වන විට ලෝකය උපරිම නිවුන් දරුවන් කරා පැමිණ ඇති බවයි.
ඒ අනුව ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබන අතර සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් ලෙස උපත ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1980 දශකයේ සිට නිවුන් දරු උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක ප්‍රකට සඟරාවක් විසින් රටවල් 165ක ගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් සිදු කල මෙම අධ්‍යනය මගින් හෙලි කර ඇත්තේ.
ආසියාවේ සියයට 32 කින් ද උතුරු ඇමරිකාවේ සියයට 71 කින් ද නිවුන් දරු උපත් අනුපාතය දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මේ වන විට යුරෝපයේ ද එය ඉහළ මට්ටමක පවතින බවයි මෙම අධ්‍යයනය මගින් හෙලි වී ඇත්තේ.