කොදෙව්වන්ට ජය

කොදෙව්වන්ට ජය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය ජයගන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කොදෙව් දේශයේ ඇන්ටිගුවා හිදී පැවති මෙම තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්.

තරඟයේ කාසියේ ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කිසිවෙකු නොදැවී ලකුණු 105ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් ලකුණු 21ක් තුල බිද හෙළීමට සමත්වූ කොදෙව්වන් මුල් භාගයේ සිටම තරඟයේ පාලනය තමන් සතුවට ගන්නට උත්සහා කළා.

එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා ඉනිම් නිමා වුණේ පන්දුවාර 49ක් තුළ සියල්ලන් දැවී ලකුණු 232ක් ලබා ගනිමින්.

එහිදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 61 දී ලකුණු 55 රැස් කළා.

ඊයේ තරඟයේදී එක්දින වරම් හිමිකරගත් අශේන් බණ්ඩාර අර්ධ ශතකයක් රැස් කරමින්, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට හුදකලා සටනක නිරත වීම කැපී පෙනුණා.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්ක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 47කදී කඩුලු 02ක් දැවී පසුකර ගියා.

දැවී ගිය කොදෙව් කඩුලු දෙකටම හිම්කම් කිවේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

එහිදී කොදෙව් ආරම්භක පිතිකරු ෂායි හෝප්ස් ලකුණු 110ක් රැස්කළ අතර එවින් ලුවිස් ලකුණු 65ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ මඟ සැකසුවා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පෙරමුණු ගන්නට කොදෙව්වන් සමත් වුණා.

Share This