

කොදෙව්වන් එක්දින තරගාවලියත් ජය ගනී
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක් දින තරගයෙන් කඩුලු 05ක ජයක් අත් කර ගැනීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග තුනකින් සමන විත එක්දින තරගාවලියද 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50දී කඩුලු 08ක් දැවී ලකුණු 273ක් රැස් කළා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 96ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 71යි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ වේගවත් පිතිහරඹයක නිරත වූ වනිදු හසරංග පන්දු 35කදී 06 පහර 04ක් සමග ලකුණු 47ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් පිළ පන්දුවාර 49යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ එවින් ලෙවිස් ලකුණු 103ක් රැස් කළ අතර පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 192ක සබඳතාව හේතුවෙන් කොදෙව් පිළට සිය ජයග්‍රහණය පහසු වුණා.