

කොවිඩ් හැදුණ හැටි කියන WHO වාර්තාව ළඟදීම
කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අදාළ අධ්‍යයනය සිදුකළ ජාත්‍යන්තර කණ්ඩායමට නායකත්වය දුන් ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
“ඉදිරි දින කිහිපය තුළ වාර්තාවේ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපට එය ප්‍රසිද්ධියේ මුදා හැරීමට හැකි වනු ඇති” යනුවෙන් පසුගිය මාසයේ වූහාන් හි සිදුකළ සංචාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර කණ්ඩායමේ ප්‍රධානී ලෙස කටයුතු කළ පීටර් බෙන් එම්බරෙක් පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.