

අධිවේගයේ නොහික්මුණු ලෙස හැසිරුණු තරුණයින් රක්ෂිත බන්ධනාගාරයට (Video)
උඩුකය පිටතට දමා අපරිකෂාකාරී ලෙස අධිවේගී මාර්ගයේ ලෙස ධාවනය වූ මෝටර් රථයේ සිටි තරුණයින් සිව්දෙනා හා එහි රියදුරා ලබන 22 වැනිදා දක්වා රකෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ඔවුන් අද පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 10 වැනිදා අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෙම මෝටර් රථය හා අනතුරුදායක ලෙස එහි ගමන්කළ තරුණයින් පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ වූයේ එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුවයි. ඒ අනුව පොලිසිය සිදුකළ දැනුම්දීම් මත එහි ලියාපදිංචි හිමිකරු, වත්මන් හිමිකරුගේ පුත්‍රයා මෙන්ම වාහනයේ රියදුරු ද ඊයේ කොළඹ පොලිස් නාගරික රථවාහන කොට්ඨාසය වෙත පැමිණියා.
රියදුරා පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඊයේ රාත්‍රියේයි. ඒ අනුව ඔහු ලබන 22 වැනිදා දක්වා රකෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
මේ අතර අදාළ මෝටර් රථයේ ගමන් කළ තරුණයින් සිව්දෙනා ද අද (13) පෙරවරුවේ ගැලණිගම පිහිටි අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසය වෙත භාරවීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙහිදී අදාළ තරුණයින්ගේ ඥාතියෙකු අවස්ථා කිහිපයකදී බාධා එල්ල කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා. එහිදී මෙම තරුණයින් සිව්දෙනා ද ලබන 22 වැනිදා දක්වා රකෂිත බන්ධනාගාර ගත කිරීමටයි පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.