

අකුණු ගසද්දී සෙල්ෆි ගන්න ගිය ‘ඉන්දියාවේ 11කට’ අත්වූ ඉරණම
ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයක් වන 12 වන සියවසේ අමර් කොටුවේ ඔරලෝසු කණුවක් මත අකුණු ගසමින් තිබෙන අවස්ථාවක සෙල්ෆි ගනිමින් සිටි 11කට අකුණු සර වැදී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සිද්ධිය සිදුවන විට පුද්ගලයින් විසි හත් දෙනෙකු කුළුණේ සහ කොටුවේ සිට ඇති අතර සමහරු බිමට පැන ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් අනෙක් පුද්ගලයින් 16 දෙනා බරපතළ තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම ඉරිදා (11) පමණක් ජයිපූර් පිහිටා ඇති රාජස්ථාන් ප්‍රාන්තය පුරා අකුණු සැර වැදීමෙන් තවත් 9 දෙනෙකු මිය ගිය අතර මෙම සිද්ධියෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙක් තරුණ අයබවයි පැවසෙන්නේ.
අකුණු සැර වැදීමෙන් සෑම වසරකම සාමාන්‍යයෙන් ඉන්දියානුවන් 2,000 ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.