අගෝස්තු 01 සිට පළාත් අතර ගමනාගමනය ඇරඹෙන්නේ මෙහෙමයි

අගෝස්තු 01 සිට පළාත් අතර ගමනාගමනය ඇරඹෙන්නේ මෙහෙමයි

මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01 වැනිදා සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් පළාත් අතර ගමනාගමනය සඳහා යොදවා තිබෙනවා.

ඒ අනුව කාර්යාල වේලාවන්හිදි පමණක් දිනපතා උදේ සවස මේ ආකාරයට බස් රථ ධාවනය කිරීමට නියමිත අතර සීමිත දුම්රිය ප්‍රමාණයක්ද පළාත් අතර මගී ප්‍රවාහනය සඳහා දිගටම යොදවා ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ.

කෙසේ වෙතත් පළාත් අතර ධාවනය කෙරෙන බස් රථවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහතිකය අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතු වනවා.

Share This