ඩෙල්ටා ප්‍රභේදය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ අදහස

ඩෙල්ටා ප්‍රභේදය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ අදහස

ඉදිරි දින කිහිපයේදී ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වය ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ වන විට මෙරටින් 35 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය හමු වූ බවට තහවුරු කලද සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ මේ වන විට 250 කට ආසන්න ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම සිටිය හැකි බවයි.

එම තත්ත්වය ඉතා භයානක බවත් , දිගින් දිගටම ඩෙල්ටා ආසාදිතයින් හමුවෙද්දීද රජය සහ ප්‍රතිපත්ති තීරකයින් පවතින සංචරණ සීමා ලිහිල් කරමින් පවතින බවත්, ජනතාව වගකීම් විරහිතව කටයුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මෙම තත්ත්වය ව්‍යසනයක් විය හැකි අතර දරුවන්ටද බලපෑම් ඇති විය හැකි බවයි ඒ මහතා අවධාරණය කළේ.

අනිවාර්යයෙන්ම මේ තත්ත්වය බැරෑරුම් ලෙස රජය සහ ජනතාව භාර ගත යුතු බවත් , දෛනිකව ආසාදිතයින් අඩුවීමක් ලෙස කෘතිමව පෙන්වන බවත්, මරණ වල කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළා

Share This