ඉන්දියාවේ සංචරණ හා ජනයා එකතුවීම් අඩු කරන්න – WHO

ඉන්දියාවේ සංචරණ හා ජනයා එකතුවීම් අඩු කරන්න – WHO

ආසාදන වැඩිවීම අවම කිරීම සඳහා ඉන්දියාව සංචරණ සහ ජනයා ඒකරාශීවීම් (මිශ්‍රණය) පාලනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා අධ්‍යක්ෂ මයික් රයන් අවධාරණය කරනවා.

ඔහු කියා සිටියේ මෙවැනි ක්‍රියාමාර්ගයකින් තොරව ඉන්දියාවේ සම්ප්‍රේෂණය අඩු කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි.

“ආසාදනය අවම කිරීම සඳහා අපට හැකි සෑම ආකාරයකින්ම ජනයා ඒකරාශීවීම් අඩු කළ යුතුයි. ඉන්දීය රජය එය කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි විශ්වාස කරනවා.” යැයි ඔහු පවසා තිබෙනවා.

ඉන්දියාව දෙවැනි කොරෝනා රැල්ල හමුවේ දැඩි පීඩාවකට ලක්වූ රට බවට මේ වනවිට පත්ව ඇති අතර, ඉන්දියාවේ මෙම තත්ත්වය අසල්වැසි රාජ්‍යයන්ටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

Share This