උද්ඝෝෂණයේ දී පොලිස් ප්‍රධානියෙක්ට තුවාල – පැය 3ක සැත්කමක්

උද්ඝෝෂණයේ දී පොලිස් ප්‍රධානියෙක්ට තුවාල – පැය 3ක සැත්කමක්

ඊයේ (03) පාර්ලිමේන්තුව අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත මහතා තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඔහුගේ අතේ ඇඟිලිවලට තුවාල සිදුව ඇති අතර පැය තුනක සැත්කමක් ද සිදුකර තිබෙනවා.

උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිසියේ මාර්ග බාධකයක් ඔසවා පසෙකට විසි කිරීමට උත්සාහ දරා ඇති බවත් එම ක්‍රියාව වැලැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟිලිවලට හානි සිදුවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ ශිෂ්‍යයන් මෙම උද්ඝෝෂණය කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බලකරමිනුයි.

Share This