උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන්ට කැලණිය විශ්වවිද්‍යාලයෙන් වැඩසටහනක්

උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන්ට කැලණිය විශ්වවිද්‍යාලයෙන් වැඩසටහනක්

අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන් වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය, “යුතුකම” නමින් වැඩසටහනක් ආරම්භ කර තියෙනවා .

මෙය සමාජ සත්කාරයක් ලෙස උසස් පෙළ තාක්ෂණවේදය හදාරන සිසුන් වෙනුවෙන් පවත්වන අතර මේ වන විටත් වැඩසටහන කිහිපයක් සාර්ථකව පැවැත්වූ බවයි පරිගණක හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය සඳහන් කළේ.

මූලික වශයෙන් තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ , තාක්ෂණවේදය සදහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, තොරතුරු තාක්ෂණවේදය මූලිකව ඉගැන්වීම සිදු කෙරෙනවා.

යුතුකම වැඩසටහනේ පසුගිය වැඩසටහන්  https://youtube.com/channel/UCA8Oskiqt62MYOnuKojNQVg නාලිකාව ඔස්සෙ නැරඹිය හැකි අතර, මෙම වැඩසටහන සම්බන්ධව වැඩිදුර විස්තර යුතුකම ෆේස්බුක් ගිණුම – https://www.facebook.com/Yuthukama-යුතුකම-103808878600707/ ඔස්සේ ලබා ගත හැකියි .

Share This