

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවත් කෙරේ
එක්සත් රාජධානියේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන් අදියර යටතේ සියලුම සමාජ දුරස්ථකරණ සීමා ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ යටතේ ගෘහස්ථ ස්ථානවල ධාරිතාවේ උපරිමයට ජනතාව රැස්කළ හැකි වන අතර රාත්‍රී සමාජශාලා විවෘත කිරීමටත් අවසර හිමි වනවා.
තවද නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමයත් මේ සමඟ අවසන් වන අතර මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් නීතිමය වශයෙන් අවශ්‍ය නොවේ.
කෙසේ වෙතත් එම තීරණය විපක්ෂය මෙන්ම විද්‍යාඥයන්ද හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.