එන්නත නොගත් බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

එන්නත නොගත් බස් සේවකයන්ට අගෝස්තු 15න් පසු රැකියා නෑ

සියලූම පෞද්ගලික බස් සේවකයන් අගෝස්තු 15 වැනිදා වනවිට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත‍්‍රාවක් හෝ ලබා තිබීම අනිවාර්ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළා.

එලෙස එන්නත ලබානොගත් සේවකයන් සඳහා පෞද්ගලික බස් රථවල සේවය කිරීමට ඉඩ නොදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මගීන්ට පළාත් අතර ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එන්නත ලබා ගත් බවට සඳහන් වන කාඩ් පත හෝ විශේෂ හැඳුනුම් පතක් ඒ සඳහා ලබා දෙන ලෙසත් ජනපතිගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Share This