එන්නතේ මාත්‍රා දෙකම ගත් ‘සිංගප්පූරු ගුවන් සේවකයන්ටත්’ කොවිඩ්

එන්නතේ මාත්‍රා දෙකම ගත් ‘සිංගප්පූරු ගුවන් සේවකයන්ටත්’ කොවිඩ්

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය පැතිරීමත් සමග සිංගප්පූරුව ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.

සිංගප්පුරු ගුවන් තොටුපොළේ සියලු සේවකයන් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන තිබුණ ද ඔවුන්ට යළිත් ඉන්දියානු ප්‍රභේදය වැළඳී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඔවුන් තුළින් රෝග ලක්ෂණ පෙන්වා නැති අතර කොවිඩ් එන්නත ලබා සිටීම නිසා ආරක්ෂා වී තිබෙනවා.

එහෙත් එම සේවකයන්ගේ පවුල්වල පිරිස් එන්නත් ලබාගෙන නොමැති නිසා ඔවුන්ට රෝගය බෝවී ඇති අතර සිංගප්පූරුව මේ හේතුවෙන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළා.

එන්නත ලබාගත්තද ආරක්ෂාකාරී වීමේ වැදගත්කම එමගින් පැහැදිලි වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

Share This