ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනය අදයි

ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනය අදයි

ටෝකියෝ 2020 ඔලිම්පික් තරගාවලියේ අවසන් දිනය අදයි.

මෙවර ඔලිම්පික් තරගාවලියේ පළමු ස්ථානයේ පසු වන්නේ මුළු පදක්කම් 111 ක්දිනා ගත් ඇමෙරිකා එක්සත් ජනපදයයි.

රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 40ක්, හා ලෝකඩ පදක්කම් 33ක්ඒ අතර වනවා.

චීනය රන්පදක්කම් 38ක්, රිදී පදක්කම් 31 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

චීනය දිනාගත් මුළු පදක්කම් සංඛ්‍යාව 87 ක්.

තෙවන ස්ථානයේ පසුවන ජපානය පදක්කම් 58 ක් දිනා ගත් අතර ,රන් පදක්කම් සංඛ්‍යාව 27 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනා ගනු ලැබුවා.

Share This