ඔලිම්පික් පැමිණි එන්නත් මාත්‍රා 2කම ලබා ගත් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ඔලිම්පික් පැමිණි එන්නත් මාත්‍රා 2කම ලබා ගත් ක්‍රීඩකයෙකුට කොවිඩ්

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ජපානයට පැමිණි පිරිස අතුරින් උගණ්ඩා ජාතික ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා කොවිඩ් එන්නත් මාත්‍රා 2කම ලබා ගත් අයෙක් බවටයි වාර්තා වන්නේ.

ඔලිම්පික් උළෙල සඳහා උගණ්ඩාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ජපානයට පැමිණ තිබූ අතර ඔවුන් එරටින් පිටත්වීමට පෙර සිදුකළ පරීක්ෂණවලදී වෛරසය ආසාදිතයන් නොවන බවටයි තහවුරු වී තිබුණේ.

කෙසේ වෙතත් ජපානයට පැමිණීමෙන් පසු නරීටා ගුවන් තොටුපළේදී සිදුකළ පරීක්ෂාවේදී ඉන් එක් ක්‍රීඩකයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට උගණ්ඩා ඔලිම්පික් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ඔසාකා බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

Share This