

කලකට පසුව ශ්රී ලංකාව ක්රිකට් පිටියේ ශක්තිය පෙන්නූ හැටි
ඉන්දීය කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවති පන්දුවාර 20 තරගාවලිය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ඊයේ රාත්රී (29) පැවති තරගය කඩුලු 7කින් ජය ගනිමින්.
තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම රැස් කළේ ලකුණු 81ක් පමණයි.
ඊට පිළිතුරු ලෙස පන්දුවාර 14.3කදී ජයග්රාහී ඉලක්කය කඩුලු තුනක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.