කෘරත්වයට භාජනය කරමින් සිටි දැරියක් පොලිසියෙන් මුදා ගැනේ

කෘරත්වයට භාජනය කරමින් සිටි දැරියක් පොලිසියෙන් මුදා ගැනේ

නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක කෘරත්වයට භාජනය කරමින් සිටි දැරියක් ඉන් මුදා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

දහතුන් හැවිරිදි දැරියක් මෙලෙස කෘරත්වයට භාජනය කරමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව නොරොච්චෝලේ පොලිසිය විසින් අදාළ දැරියව සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම දැරියගේ පියා සහ නැන්දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Share This