කොමියුනිස්ට් පාලනයට එරෙහි වෙමින් කියුබානු වැසියන් දහස් ගණන් වීථි බසියි

කොමියුනිස්ට් පාලනයට එරෙහි වෙමින් කියුබානු වැසියන් දහස් ගණන් වීථි බසියි

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව වසර ගණනාවකට පසුව එරට ජනතාව දහස් ගණනින් වීථි බැස විශාලතම විරෝධතා පෙළපාලියකට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හවානා අගනුවර ඇතුළුව අනෙකුත් නගරවල ඔවුන් විරෝධතා පවත්වා ඇති අතර “ඒකාධිපති පාලනය බංගවේවා” යනුවෙන් කෑ ගසමින් විරෝධතාවයේ නිරතව තිබෙන බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අංශ විසින් මෙම විරෝධතා පාලනය කිරීමට විරෝධතාකරුවන් රඳවා තබාගෙන පහර දෙන බවටද වාර්තා වනවා.

ආර්ථිකයේ බිඳවැටීම මෙන්ම සිවිල් නිදහස සීමා කිරීම සහ බලධාරීන් කොවිඩ් වසංගතයට නිසි පිළියම් නොදීම හේතුවෙන් කියුබානුවන් කෝපයට පත්ව සිටිනවා.

කියුබාවේ දෛනික ආසාදන 7,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ ඊයේ (12) දින මරණ 47 ක් වාර්තා වූ පසු විරෝධතාකරුවන් තම රටේ එන්නත්කරණ වැඩසටහන කඩිනමින් සිදු කරන ලෙසට ඉල්ලීම්ද කර තිබෙනවා.

 

Share This