කොරෝනා ආසාදිත පළමු ආදිවාසී මරණය වාර්තාවෙයි

කොරෝනා ආසාදිත පළමු ආදිවාසී මරණය වාර්තාවෙයි

මෙරට පළමු ආදිවාසී කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ගුණදාස ( 65 ) නමැති පුද්ගලයෙක්.

බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ඔහු මිය ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා කලක සිට විවිධ රෝගවලට ගොදුරුව සිටි අයෙක් බව ආදිවාසී නායක ඌරුවන්නයලැ ඇත්තෝ ප්‍රකාශ කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු බණ්ඩාරවෙල ආදාහනාගාරයේදී (6) අද සිදුකිරීමට නියමිතයි.

Share This