කොවිඩ් ආසාදිතයින් රැගෙන ගිය බස්රථයක් අනතුරට – දෙදෙනෙකු මරුට

කොවිඩ් ආසාදිතයින් රැගෙන ගිය බස්රථයක් අනතුරට – දෙදෙනෙකු මරුට

කොළඹ සිට පූනානි දක්වා කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් මනම්පිටිය කොලකන වාඩිය ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා .

අනතුර සිදුව ඇත්තේ අදාළ බස් රථය හා පොළොන්නරුව මහ රෝහලේ පිරිසිදු කරන කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයෙකු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This