

කොවිඩ් උපන් චීනයත් අභිබවා ලංකාවේ කොවිඩ් මරණ ගණන ඉහළට
චීනයෙන් මේ වන විට වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ බවට සැලකෙන කොරෝනා වෛරසය හේතුවෙන් එරට මියගිය සංඛ්‍යාව 4636ක් වනවා.
කෙසේ වෙතත් ශ්‍රි ලංකාව තුළ ඊයේ (05) දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ 82ත් සමඟ මේ වන විට මෙරට තුළ කොවිඩ් ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 4727ක්.
මේ වන විට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ ඇමෙරිකාවෙනුයි. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 631,299ක්.