කොවිඩ් එන්නත කියා 2500කට සේලයින් ගහලා – ඉන්දියාවෙන් ඇසෙන අලුත්ම කොවිඩ් ජාවාරම

කොවිඩ් එන්නත කියා 2500කට සේලයින් ගහලා – ඉන්දියාවෙන් ඇසෙන අලුත්ම කොවිඩ් ජාවාරම

ඉන්දියාවේ මුම්බායි නගරයේ 2000කට සහ කොල්කටා නගරයේ පුද්ගලයන් 500කට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එසේ එන්නත් ලෙස ලබාදී තිබෙන්නේ සාමාන්‍ය සේලයින් දියර සහ ප්‍රතිජීවක ඖෂධ බව මුම්බායි පොලීසිය පවසනවා.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මුම්බායි පොලිසිය පැවසුවේ තමන්ට එන්නත ලබා දෙනු ඇතැයි සිතූ දෙදහසක් පමණ සැබවින්ම සේලයින් ද්‍රාවණයක් එන්නත් කර ගෙන ඇති බවයි.

 

Share This