

කොවිඩ් එන්නත ලබා නොගත් අයට ‘අද උදේ සිට’ ලැබෙන අවස්ථාව
කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ නගරය තුළ හෝ ඒ ආසන්නයේ ජීවත්වන පුද්ගලයින්ට අද (09) දිනයේත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ පළමු එන්නත ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
අද (09) උදෑසන 9 සිට සවස 5 දක්වා වයස අවුරුදු 30ට වැඩි අයට මෙහිදී එන්නත ලබාගැනීමේ අවස්ථාව හිමිවන අතර ශ්‍රී ලංකා පොලිසිය මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා.