කොවිඩ් එන්නතින් මහල් නිවාසයක් දිනා ගත් හැටි

කොවිඩ් එන්නතින් මහල් නිවාසයක් දිනා ගත් හැටි

රුසියාවේ ජනතාව කොවිඩ් එන්නත ලබා ගැනීමට පෙළඹවීම උදෙසා අපූරු ක්‍රමයක් අනුගමනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු සෞඛ්‍ය අංශ පවසන්නේ, රට තුළ ජනතාවට අවශ්‍ය පරිදි එන්නත් බහුලව තිබුණ ද ජනතාව එන්නත් ලබාගැනීම කෙරෙහි නිසි උනන්දුවක් පෙන්නුම් නොකිරීම වසංගතයේ ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් ජනතාව එන්නත් ලබාගැනීමට උනන්දු කරවීම සඳහා රුසියාවේ ආරම්භ කළ විශේෂ ලොතරැයි දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කළ කාන්තාවකට මහල් නිවාසයක් ත්‍යාගයක් ලෙස ලැබී ඇති බව  එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This