කොවිඩ් පටන් ගත්තේ අමෙරිකාවෙන් ද ? – විමර්ශනයක් ඉල්ලයි

කොවිඩ් පටන් ගත්තේ අමෙරිකාවෙන් ද ? – විමර්ශනයක් ඉල්ලයි

කොරෝනා වෛරසයේ බිහිවීම පිළිබඳ ඊළඟ විමර්ශන ආරම්භ කළ යුත්තේ අමෙරිකාවෙන් බව චීනයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥයෙකු ප්‍රකාශ කරනවා .

වූහාන් හි රසායනාගාරයකින් මෙම වෛරසය බිහි වූ බවයි අමෙරිකාව චෝදනා එල්ල කරමින් පසුගිය කාලයේ සඳහන් කර සිටියේ.

මෙම වෛරසය බිහිවීමට බලපෑ සාර්ස් කොව් ටූ වෛරසය ආසාදිත හත්දෙනෙකු ඇමරිකාවේ ප්‍රාන්ත පහකින් 2019 වසරේදී වාර්තාවී ඇති බවයි චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සෙන්ග් ගුවැන්ග් සඳහන් කර තිබෙන්නේ.

ඒ බව අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය මෙම සතියේදී නිකුත් කළ අධ්‍යයන වාර්තාව මගින් පැහැදිළි වන බව ද ඔහු පෙන්වාදී තිබෙනවා.

Share This