කොවිඩ් ලෝකයම ගිලගන්නා අතරේ තවත් රෝගයකට ගොදුරු වූ පළමුවැන්නා හමුවෙයි

කොවිඩ් ලෝකයම ගිලගන්නා අතරේ තවත් රෝගයකට ගොදුරු වූ පළමුවැන්නා හමුවෙයි

කොවිඩ් වෛරසය මුළු ලෝකයේම පැතිර යන මොහොතේ H10N3  නම් දුර්ලභ කුරුළු උණ රෝගය සෑදුණු ලෝකයේ පළමු රෝගියා වාර්තා වී තිබෙනවා

ඒ 41 හැවිරිදි චීන ජාතිකයෙකුයි

චීන ජාතිකයාට ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව එරට නිලධාරීන් තොරතුරු ලබාදී නොමැති නමුත් H10N3 කුරුළු උණ රෝගය පහසුවෙන් මිනිසුන්ට පැතිරෙන්නේ නැතැයි සිතන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය සතියේ රෝග විනිශ්චය කළ ජියැන්ග්සු පළාතේ පදිංචිකරුවෙකු මේ වන විට සුවය ලබා ඇති බවද බිබිසි පුවත් සේවය සඳහන් කර තිබෙනවා

බීජිං හි ජාතික සෞඛ්‍ය කොමිසම (එන්එච්සී) සඳහන් කර තිබෙන්නේ ෂෙන්ජියැන්ග් නගරයේ පදිංචිකරුවෙකු අප්‍රේල් 28 වන දින රෝහල් ගත කර ඇති අතර මසකට පසුව H10N3 රෝගයෙන් පෙළෙන බව සොයා ගත් බවයි

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා තිබෙන්නේ “මේ අවස්ථාවේ දී කුරුළු උණ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි.

Share This