

ගල්ගමුවේ නිවසක තිබී මළ සිරුරු 3ක් හමුවේ – අම්මයි පුතයි අනියම් සැමියාගෙයි සිරුරු නිවසේ
ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද (07) සොයාගෙන තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක විවාහක කාන්තාවක්, ඇගේ දස හැවිරිදි පුත්‍රයා සහ ඇගේ 28 හැවිරිදි අනියම් සැමියා බව කියන පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.