

ගුරු සහ විදුහල්පති රථ පෙළපාලිය ‘කොළඹට’ ළඟා වෙමින් ඇති අයුරු (PHOTOS)
ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් අද (04) පෙරවරුවේ ආරම්භ කළ රථ පෙළපාලිය කොළඹට ළඟා වෙමින් තිබෙනවා.
මොරටුව – කොරලවැල්ල, කොට්ටාව, වැලිසර සහ මහනුවර නගරයෙන් මෙම රථ පෙළපාලිය ආරම්භ කෙරුණු අතර මේ හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව වාර්තාකරුවන් සඳහන් කළා.