

ජලජ ගුවන් ධාවන පථ 150ක් හඳුනාගැනේ
දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හඳුනා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙම ස්ථාන සංචාරක ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ලෙස සංවර්ධනය කිරිමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.
මේ වන විට ජලජ ගුවන් පථ 11 ක් ක්‍රියාත්මක වන අතර බෙන්තොට ගඟ, කැළණි ගඟ, පොල්ගොල්ල ජලාශය, දියවන්නා ඔය, වික්ටෝරියා ජලාශය, මාවුල්ල කළපුව, කාසල්රී ජලාශය, නුවරඑළිය ගෙග්‍රරි වැව, තිස්ස වැව, කොග්ගල කළපුව හා මඩකලපුව කළපුව එම ස්ථානවන බව සංචාරක අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
බේරේ වැව, ආරුගම්බේ, දඩුගම් ඔය, අම්පාර කොණ්ඩුවට්ටුවාන් ජලාශය, බදගිරිය වැව, ඉරණමඩු ජලාශය, කල්පිටිය ඕලන්ද බොක්ක, වාලච්චේන කළපුව වැනි ප්‍රදේශවල ජලජ ගුවන් ධාවන පථ මීට පෙර ක්‍රියාත්මක වුවද මේ වන විට ඒවා අතහැර දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා තිබෙනවා.
ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදු කරමින් නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනාගෙන ඇති අතර ඉදිරියේ දි මෙම ප්‍රදේශවල ආයෝජකයන්ගේ ද සහාය ඇතිව ජලජ ගුවන් පථ පිහිටුවීමට ඇති හැකියාව සොයා බලමින් තිබෙන බව යි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.