ජෛව බුබුළ කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීරණය

ජෛව බුබුළ කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තීරණය

වහාම ක්‍රියාත්මක වන පරිදි කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින්  ශ්‍රී ලංකාවට ගෙන්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ට්විටර් ගිණුමෙහිද සටහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඉරිදා (27) රාත්‍රියේ ඩර්හැම්හි වීදිවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් අනතුරුව එම වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ ක්‍රිකට් ලෝලීන් එංගලන්තයට එරෙහිව සියලුම විස්සයි 20 තරග පරාජයට පත්ව ඇති අවස්ථාවක මෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණා.

Share This