

ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි
ටෝකියෝ නුවර ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ, ඔලිම්පික් ගම්මානයේ ප්‍රථම ආසාදිතයා සොයා ගැනීමෙන් දිනකට පසුවයි.
තවත් දින 05 කින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී මෙලෙස ක්‍රීඩකයින් වෛරසයට ගොදුරු වීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගතය නිසා මේ වසරට කල් දමනු ලැබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අගෝස්තු 08 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි