

‘ඩ්‍රැගන් මෑන්’ නමින් මානව විශේෂයක්
මීට දශක ගණනාවකට පෙර ඊසාන දිග චීනයෙන් සොයා ගැනුණු හිස්කබලක් පිළිබඳ සිදු කෙරුණු පර්යේෂණවලට අනුව එය අලූතින් සොයාගත් මානව විශේෂයක් ලෙස විද්‍යාඥයින් හඳුන්වාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ඩ්‍රැගන් මෑන් ලෙස නම් කර තිබෙන මෙම මානව හිස්කබල 1930 වසරේදී මුල්වරට සොයාගෙන ඇතත්, එම කාල සීමාව තුළ පැවැති ආරකෂක හේතූන් මත වසර 85ක පමණ කාලයක් එම හිස්කබල ආරකෂිත ළිඳක සඟවා තැබීමෙන් පසු පර්යේෂණ සඳහා විද්‍යාඥයින් වෙත ලබාදී අත්තේ 2018 වසරේදීයි.
ඒ අනුව, සිදු කෙරුණු පර්යේෂණවලින් පසු විද්‍යාඥයින් පවසන්නේ මෙම ඩ්‍රැගන් මෑන් නම් නව මානව විශේෂය හෝමෝසේපියන්ස් මානව විශේෂයට වඩාත් සමීපතම ඥාතීන් ලෙස නම් කළ යුතු බවයි.
එනම්, නියැන්ඩතාල් මානව විශේෂයට ද වඩා මෙම නව මානව විශේෂය හෝමෝසේපියන්ස් වෙත ළඟ ඥාතීත්වයක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.