ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් නිසා වසා දැමූ කම්හල

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් නිසා වසා දැමූ කම්හල

ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබෙනවා.

එම සේවක සේවිකාවන් හය දෙනාට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121 කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමු වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

Share This