

ඩොලර් මිලියන 150ක් වැය කර ඉදිකරන ලොව ගැඹුරුම තටාකය (VIDEO )
ලෝකයේ ගැඹුරුම ගෘහස්ත තටාකය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බ්ලූ අබිස් නමින් හැඳින්වෙන මෙම තටාකය බ්‍රිතාන්‍ය සමාගමක් විසින් ඉදිකරමින් ඇති අතර එය අඩි 164 (මීටර් 50) ක් පමණ ගැඹුරකින් යුක්තයි.
මෙම තටාකය පිහිනීම සඳහා මහජනයාට විවෘත නොවන අතර එය බලශක්ති, සමුද්‍ර, ආරක්ෂක සහ අභ්‍යවකාශ යන අංශවලට සේවය කරන පර්යේෂණ, පරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම තටාකයේ සම්පුර්ණ වැඩකටයුතු තවමත් නිම නොවී ඇති අතර එය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඉදිකර පවතින ලොව ගැඹුරුම තටාකය පෝලන්තයේ මොස්කව් නුවර පිහිටා ඇති අතර එහි ගැඹුර මීටර් 45ක් වනවා.