

තවත් කොවිඩ් මරණ 31ක්
ඊයේ (17) දිනයේදී තහවුරු කළ කොවිඩ් මරණ 31ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,732ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 980 දෙනෙකු මේ වන විට හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 283,040ක් දක්වා ඉහළගොස් තිබෙනවා.