

ත්‍රීරෝද රථ රියදුරන්ට ‘විමසිල්ලෙන් සිටින්නැයි’ දැනුම් දීමක්
රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
ඇතැම් විට අපරාධකරුවන් ද මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
ඊට හොඳම සාක්ෂියක් ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ ඊයේ (08) රාත්‍රී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති දෙදෙනෙකු ද එම රථය මංකොල්ල කෑමේ සිදුවීමයි.
පසුව ඔවුන් දෙදෙනා පළා ගොස් ඇති අතර පොලිසිය එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.