

දරුණු ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉන්දුනීසියාවට දැඩි බලපෑම් -රෝහල් අසළ පෝලීම්වල රැඳී සිටියදී ආසාදිතයින් මිය යන තත්ත්වයක්
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ දැඩි බපලෑම හේතුවෙන් ඉන්දුනිසියාවේ රෝහල් රැසක ධාරිතාවය ඉක්මවා යමින් පවතිනවා.
ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් අසල පෝලීම්වල රැදී සිටියදී ආසාදිතයින් මියයන තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඉන්දුනිසියානු සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ අතර, ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
මේ අතර සාර්ථක කොවිඩ් වෛරසය පාලනය කරමින් සිටි ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි ආශ්‍රිතව පමණක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 100කටත් වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා.
මේ තත්ත්වය යටතේ සිඩ්නි, ඩාර්වින්, පර්ත්, බි්‍රස්බේන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක්ම තවදුරටත් අගුළු දැමීමට බලධාරීන් පියවර ගත්තා.
තත්ත්වය මෙසේ පවතිද්දී ඕස්ටේ්‍රලියානු උප අග්‍රාමාත්‍ය බාර්නවි ජොයිස්ට සෞඛ්‍ය මාර්ගෝපදේශෂණ උල්ලංගණ කිරීම නිසා ඩොලර් 200 දඩයක් නියම කිරීමට ප්‍රාන්ත පොලිසිය පියවර ගත්තා.
එමෙන්ම බි්‍රතාන්‍යයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 117ක් පමණ මියගොස් තිබෙනවා.