

දැරිය ගැන සොයන්න ‘ හිටපු ඇමති බිරිඳ ඇතුළු සිව් දෙනකුගේ දුරකථන වාර්තා’ වහාම දෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය දුරකථන සමාගම් කිහිපයකට ඊයේ (19) පස්වරුවේ නියෝග කර තිබෙන බව අද (20) පුවත්පත් වාර්තා කර තිබෙනවා.
රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලුණු දැරිය නිවසට රැගෙන ආ තැරැව්කරුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාද බොරැල්ල පොලිසියට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකට එහිදී නියෝග කළා.
එම දැරියගේ මරණය හා දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා එම වාර්තා ලබා දෙන ලෙසට බොරැල්ල පොලිසිය මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළා.