දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සිව් දෙනෙකුට කොවිඩ් බවට සැක

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සිව් දෙනෙකුට කොවිඩ් බවට සැක

කොවිඩ් 19 ආසාදනය වූ බවට සැක කරන තවත් සතුන් සිව් දෙනෙක් දෙහිවල සත්වෝද්‍යානයෙන් හඳුනාගෙන තිබෙනවා.

එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන්නේ එහි සිටින චිම්පන්සියන් දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටයි.

අප කළ විමසීමකදී වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ එම සත්වයින්ට කොවිඩ් ආසාදනය වී ඇද්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් දුන් බවයි

Share This