

නිරෝධායන නීති කඩන බස් රථ සොයා මෙහෙයුම් – දැනට 11ක් අත්අඩංගුවට
නිරෝධායන නීති නොතකමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ සොයා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ නාගරික රථවාහන පොලිසිය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.
මේවනවිට නිරෝධායන නීති උල්ලංඝණය කළ බස් රථ රියදුරන් එකොළොස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.