

නිවසක වළ දමා තිබූ මිලියන ගණනක් සොයා ගත් හැටි
කොට්ටාව, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වළලා තිබු රුපියල් මිලියන 13.9ක් ද සොයා ගැනීමටත් එයට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
දැනට ඩුබායි හි සිටින බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන “චරිත් සඳකැලුම්” හෙවත් “රන්මල්ලී” නැමැත්තාට අයත් බවත් අත්අඩංගුවට පත් සැකකරු එම පුද්ගලයා රන්මල්ලි නැමැත්තාගේ බිරිඳගේ සහෝදරයා බවට ද අනාවරණය වී තිබේ
මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමට හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සඟවා තබා ගැනීමට රන්මල්ලී නැමැත්තා එම පුද්ගලයාට යොදා ගෙන ඇති බවයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ.