

පූජිත්ට සහ හේමසිරිට පෙර ඇප
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පෙර ඇප මත මුදා හැර තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවලට අදාළ නඩුව නාමල් බලල්ලේ , මොහොමඩ් ඉසදීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගැනුණා .
එම අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන් අතර වැඩිදුර නඩු විභාගය ලබන 27 වනදා සිදුකිරීමට නියමිතයි.