

පොලිස් අත්අඩංගුවේ සිටි කතක් මිය ගිහින් – ඥාතීන්ගෙන් පොලිසියට චෝදනාවක්
පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි 43 හැවිරිදි තිදරු මවක් පොලිසිය තුළදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එක් පාර්ශවයක් පෑලියගොඩ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට ආදාළව අනෙක් පාර්ශ්වය පොලිසියට කැඳවා ඇති අතර එහිදී එම ආරවුලට අදාළව දැනට මියගොස් සිටින කාන්තාවද ඇතුලු පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පෑලියගොඩ ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි තිදරු මවක්.
ඥාතීන් චෝදනා කරන්නේ අසනීප තත්ත්වයක් පිළිබඳව පොලිසිය දැනුවත් කළද පොලිස් නිලධාරීන් එය නොසලකා හැරීම හේතුවෙන් ඇය මෙලෙස
ජීවිතක්ෂයට පත්වූ බවයි.