මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන යෝජනා යාපනය සහ කිලිනොච්චියෙනුත් එයි

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන යෝජනා යාපනය සහ කිලිනොච්චියෙනුත් එයි

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත්, වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (28) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා.

ඒ එහි සභාපති සභානායක, විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ලිබරල් පක්ෂය , අඛිල ඉලංකෛ ද්‍රවිඩ මහසභා , දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය , සිංහල දීප ජාතික පෙරමුණ , සමත්තුව කච්චි , එක්සත් සාම සන්ධානය යන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ කමිටුව වෙත පැමිණ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කල බවයි පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය නිවේදනය කළේ.

මෙම විශේෂ කාරක සභාව 2021 අගෝස්තු 04 වනදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතයි.

Share This