මිලි මීටර් 100 ඉක්මවූ වැසි තවදුරටත්

මිලි මීටර් 100 ඉක්මවූ වැසි තවදුරටත්

මිලි මීටර් 100 ඉක්මවූ වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර , නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ 117 අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් ආපදාවන් පිළිබඳව මෙම අංකයට දැනුම් දෙන ලෙසයි

ඉදිරියේදී ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලෙන් සිටින ලෙසත් ඒ වෙනුවෙන් දිවයින පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන් සුදානමින් සිටින බවත් සඳහන්

Share This