මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන රට පිළිබඳව නව තීරණයක්

මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන රට පිළිබඳව නව තීරණයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

T 20 තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඊට අවස්ථාවක් නොමැති තත්ත්වයක් මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියේ දෙවන අදියර ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වෛරසයේ පාලනයක් සිදුකර ඇති නිසා එරට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම වඩාත් සුදුසුබව විචාරකයන්ගේ මතයයි

Share This