යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා පත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතින් මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා පත්වීම් ලිපිය ලබාගෙන තිබෙනවා.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මීට පෙර යාපනයේ ආරක්ෂක හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඒ අනුව මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා යුද හමුදාවේ 58 වන මාණ්ඩලික ප්‍රධානියා වනවා.

Share This